අටමස්ථානධිපති හිමිට ඇප

News Express
1 Min Read

ඛාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජන කළැයි චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි ඇප මත මුදා හැරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

රුපියල් ලක්ෂ 50 ශරීර ඇප දෙකක් සහ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් මත මුදා හැර ඇති අතර උන්වහන්සේට විදෙස් ගමන් තහනමක් ද පනවා ඇත.

මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේ, ඇප කොන්දේසි කඩ කළහොත් සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කළහොත් ඇප නියෝගය අවලංගු කරන බව ය.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *