අනුරට ගෝඨාභය ඉක්මනින් හමුවේවි, පුළුවන් කෙනෙකුට රට භාරදීම හැර වෙන විකල්පයක් නෑ – සමන් රත්නප්‍රිය

News Express
1 Min Read

රට පාලනය කිරීමට, ආර්ථිකය කළමනාකරණය කිරීමට හෝ රාජ්‍ය පාලනය කිරීමට වත්මන් ආණ්ඩුවට හැකියාවක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය පවසනවා.

රාජ්‍ය පාලනයේ පවතින අසමත්භාවය සියලුම අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවලින් මේ වන විට විද්‍යමාන වෙමින් පවතින බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

ජීවන බර වැඩිවන විට සහ රුපියල පහත වැටෙන විට, ආණ්ඩුව මැදිහත් වී භාණ්ඩාගාරය හරහා කෘතිමව ඩොලරය පාලනය කිරීමට කටයුතු කර ඇති බව ඔහු පෙන්වා දුන්නා.

එහෙත් සාමාන්‍යයෙන් ඩොලරයේ අගය පාලනය විය යුත්තේ විදේශ ආයෝජන සහ විදේශ ප්‍රේෂණ වැනි සාධක මත පදනම්ව බව ද, ආණ්ඩුව විසින් සංචාරකයන් පැමිණෙන බවට ප්‍රකාශ කළ ද, සංචාරක ආදායමේ වැඩිවීමක් සිදු ව නොමැති බව ද ඔහු ප්‍රකාශ කළා.

එමෙන්ම, කිසිදු ආයෝජනයක් රට තුළට නොපැමිණෙන අතර, ආයෝජන මඟින් ඉදිකරන ලද එකදු පාරක්, ගොඩනැඟිල්ලක්, පාලමක් හෝ බෝක්කුවක්වත් දක්නට නොමැති බවයි ඔහු කියා සිටියේ.

මේ ආකාරයෙන් ඉදිරියට ගියහොත් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අත් වූ ඉරණම ඉක්මනින්ම අත් වනු ඇති බව ඔහු අවධාරණය කළා.

මොවුන්ට පැහැදිලිවම රට පාලනය කිරීමට නොහැකි නිසා, කළ හැකි කෙනෙකුට රට භාරදීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *