කුඩා ගඟ සහ මඟුර ගඟ ආශ්‍රිත පහත්බිම්වල ජනතාවට දැනුම්දීමක්

News Express
1 Min Read

කළු ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට ලැබී ඇති අධික වර්ෂාපතනය සහ කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් ඉදිරි පැය 48 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

ඒ අනුව බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල කුඩා ගඟ සහ මඟුර ගඟ පිටාර තැන්නට අයත් පහත්බිම් ප්‍රදේශවලට මෙම ගංවතුර තත්ත්වය බලපෑම් කළ හැකි බව සඳහන්ය.

එමෙන්ම කුඩා ගඟ සහ මඟුර ගඟ ආශ්‍රිත පහත්බිම් හරහා වැටී ඇති අතුරු මාර්ග ජලයෙන් යටවීමේ අවදානමක් ද පවතින බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් එම ප්‍රදේශවල පදිංචි ජනතාව සහ එම මාර්ග භාවිත කරන රියදුරන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

අදාළ ආපදා කළමනාකරණ අංශ වෙතද අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනුම් දී තිබේ.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *