ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් සනත් අද සමුගනී

News Express
1 Min Read

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානයට එරෙහිව පල්ලේකැලේදී අද (28) පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා පුහුණුකාරිත්වය දරන අවසන් තරගය වේ.

මෙවර විස්සයි20 ලෝක කුසලානයෙන් අනතුරුව තමන්  ධුරයෙන් ඉවත්වන බවට ජයසූරිය මහතා තරගාවලිය ආරම්භවීමට පෙර සිටම තහවුරුකර තිබූ අතර, එම තීරණය මේ දක්වා ඔහු වෙනස්කර නොතිබුණි.

සමුගැනීමේ තීරණය සම්බන්ධයෙන් ‘අද දෙරණ’ කළ විමසීමකදීද ඒ මහතා පවසා තිබුණේ, තම ප්‍රධාන පුහුණුකරු කොන්ත්‍රාත්තු කාලය තවදුරටත් පැවතුණද එම ධුරයේ රැදී සිටීමේ අදහසක් තමන්ට නොමැති බවය.

2024 ජූලි මාසයේදී ඉන්දියාවට එරෙහි තරගාවලියේදී තාවකාලික පුහුණුකරු ලෙස වගකීම භාරගත් ජයසූරිය, එම වසර අවසානයේදී පූර්ණ කාලීනව ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කළේය.

ජයසූරියගේ ප්‍රධාන පුහුණුකරු ධුර කාලය තුළ, ශ්‍රී ලංකා කණ්ඩායම සියලුම ආකෘතිවල තරග 74ක් ක්‍රීඩා කර ඇති අතර එහිදී ජයග්‍රහණ 34ක් ලබාගෙන පරාජයන් 38කට මුහුණ දී තිබේ.

ඊට අමතරව ජය පරාජයෙන් තොරව තරග 2ක් අවසන් වී ඇත.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *