බැලු බැල්මට සියදිවි නසා ගැනීමක් ලෙස පෙනුනද, ඒ ගැන සැක සංකා පවතිනවා -විමල් වීරවංශ-

News Express
1 Min Read

නීතිය පසිඳලීම නිවැරදිව හා සාධාරණව සිදු වන්නේ නම්, කිසිදු අයෙකුට පරීක්ෂණයක් පවතින අතරතුර සියදිවි නසා ගැනීමට අවශ්‍ය වෙතැයි තමා නොසිතන බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

මුදල් අමාත්‍යාංශයේ අතිරේක අධ්‍යක්ෂවරයාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් ද එය සියදිවි නසා ගැනීමක් ද යන්න පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් සමාජය හමුවේ පවතින බවයි ඊයේ (08) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

ඊයේ (08) වාර්තා වූ කපිල චන්ද්‍රසේනගේ සිදුවීම ද බැලූ බැල්මට සියදිවි නසා ගැනීමක් ලෙස පෙනී ගිය ද, ඒ පිළිබඳ විවිධ සැක සංකා මතු වන බව ඔහු සඳහන් කළා.

රජය යනු රටවැසියාගේ ආරක්ෂාව සලසන්නා විය යුතු අතර, ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග හේතුවෙන් පුද්ගලයන් සියදිවි නසා ගන්නා ඉරණමකට තල්ලු නොවිය යුතු බව ද ඔහු පෙන්වා දුන්නා.

ආණ්ඩුව දේශපාලන අරමුණු මුදුන් පත් කර ගැනීම සඳහා ක්‍රියා කිරීම හේතුවෙන් රටවැසියන් ඉතා අනාරක්ෂිත මානසිකත්වයකට ඇද දමා ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *