මුදල් ඇමතිවරයා සහ ලේකම්වරයා වහාම සිය ධුරවලින් ඉල්ලා අස්විය යුතුයි -චන්න ජයසුමන-

News Express
1 Min Read

හැකර්වරුන් ලබාගත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලට සිදු වූයේ කුමක්දැයි රටට හෙළි කළ යුතු බව සර්වජන බලයේ උප සභාපති චන්න ජයසුමන පවසනවා.

මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුමට එම තනතුර දැරීමට කිසිදු සුදුසුකමක් නොමැති බවත්, රාජ්‍ය තන්ත්‍රය සම්බන්ධයෙන් ඔහුට පළපුරුද්දක් නොමැති බවයි ඊයේ (27) මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට පැවති විරෝධතාවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත්, ඔහු එම තනතුරට පත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායකට ද මුදල් අමාත්‍ය ධුරය දැරීමට සුදුසුකමක් නොමැති බවත් ඔහු සඳහන් කළා.

මුදල් අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා වහාම ඉල්ලා අස්වී සුදුසු පුද්ගලයන් දෙදෙනෙකු අදාළ තනතුරුවලට පත් කළ යුතු බවයි චන්න ජයසුමන වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *