වත්මන් ආණ්ඩුව මෙම වසර පහ තුළ බලයේ සිටිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා.
මෙම වසර පහ තුළ ආණ්ඩුව ‘පෙරළිය’ යුතු බවට කිසි ලෙසකින් විශ්වාස නොකරන බවත්, කලින් සිටි, දැන් සුන්බුන් බවට පත්ව ඇති විපක්ෂ කණ්ඩායම් යළි බලයට පැමිණෙනවාට තමන් විරුද්ධ බවත් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
මෙම ආණ්ඩුව පෙරලුවහොත් බලයට පැමිණෙන්නේ පෙර සිටි කණ්ඩායම් බවත්, එලෙස පැමිණියහොත් රට පෙර තිබූ තැනටම නැවත ගමන් කරනු ඇති බවත් එහිදී අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නා.
වත්මන් ආණ්ඩුවේ ගමන් මඟ යහපත් බවත්, එහි යම් අඩුපාඩු පැවතිය ද, පෙර සිටි පාලකයන්ට වඩා වත්මන් ආණ්ඩුව දූෂණයට විරුද්ධ බවත් ඔහු සඳහන් කළා.
එමෙන්ම, හොරුන් අත්අඩංගුවට ගත යුතු බවත්, රාජ්‍ය සම්පත් අවභාවිත නොකළ යුතුයි යන චේතනාවේ වත්මන් ආණ්ඩුව පසුවීම අතිශය වැදගත් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.
වත්මන් ආණ්ඩුව අසාර්ථක වුවහොත් විකල්පයක් තිබිය යුතු බවත්, මේ ආකාරයෙන්ම සිතන, කාර්යයන් නිවැරදිව හා සාර්ථකව ක්‍රියාත්මක කළ හැකි පිරිසකට බලය පැවරිය යුතු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
