විදුලිබල ඇතුළු සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

News Express
1 Min Read

විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඉන්ධන, ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්, බෙහෙත් ශාලා, මෙන්ම මගී හෝ භාණ්ඩ ප්‍රවාහනය ආදී සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පැවරී ඇති බලතල අනුව මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ පසු ආපදා තත්ත්වය සලකා, සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා එකී සේවාවන් අත්‍යවශ්‍ය වන බවත්, ඒවාට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බවත් සැලකිල්ලට ගනිමින්, පහත උපලේඛනයේ සඳහන් සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට මෙම නියමයෙන් ප්‍රකාශයට පත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *