අඩු පීඩන තත්වය උතුරු දෙසට ගමන් කරයි

News Express
1 Min Read

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

මෙම පද්ධතිය ඉදිරි දින තුළ ආසන්නව උතුරු දෙසට ගමන් කිරීමට ඉඩ ඇත.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දැනට පවතින වැසි තත්වය ඉදිරි දින කිපය තුළත් පවතිනු ඇතැයි අපෙක්ෂා කෙරේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර, ත්‍රිකුණාමලය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයිනේ අනෙකුත් ස්ථානවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර සබරගමුව,මධ්‍යම,වයඹ සහ ඌව පළාත්වල සහ අම්පාර,මඩකළපුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 1.00 වැඩි තද වැසි ඇති විය හැකියි.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *