උතුරු ජපානයට භු කම්පනයක් රික්ටර් මාපක 6.2ක, සුනාමි අනතුරු ඇඟවීමක් ?

News Express
1 Min Read

උතුරු ජපානයේ හොකයිඩෝ (Hokkaido) දූපත් කලාපයේ අද (27) අලුයම රික්ටර් මාපකයේ ඒකක 6.2ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

කෙසේ වෙතත්, මෙම කම්පනයෙන් කිසිදු දේපල හානියක් හෝ ජීවිත හානියක් සිදුව ඇති බවට මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කළේ මෙම භූ කම්පනයත් සමඟ සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට අවශ්‍යතාවයක් පැන නොනැගුණු බවයි.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට (USGS) අනුව, භූමිකම්පාවේ කේන්ද්‍රය සරබෙට්සු (Sarabetsu) නගරයට කිලෝමීටර් 18ක් බටහිරින් පිහිටා ඇති අතර, එය පොළොව මතුපිට සිට කිලෝමීටර් 81ක් ගැඹුරින් සිදුවී තිබෙනවා.

මීට සතියකට පෙර ජපානයේ සිදුවූ ඒකක 7.7ක ප්‍රබල භූමිකම්පාවත් සමඟ, එරට ඊසානදිග වෙරළ තීරයට දැවැන්ත භූ කම්පනයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට බලධාරීන් මීට පෙර අනතුරු අඟවනු ලැබුවා.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *