පසුදා උදෑසන කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගන්න පොලීසිය හිතාගෙන ඉන්න ඇති – මහජන ආරක්ෂක ඇමති

News Express
1 Min Read

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතින බවත්, පොලිසිය මේ වන විටත් පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බවයි ඊයේ (08) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

පෙර දිනයේදී ඔහුව අත්අඩංගුවට ගත්තේ නම් මෙවැනි දෙයක් සිදු නොවන බවට මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මේ පිළිබඳව පොලිසිය දැනුවත් වී ඇත්තේ 07 වැනිදා සවස බවයි.

ඒ අනුව, පසුදා උදෑසන ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය සැලසුම් කර තිබෙන්නට ඇති බව ද ඔහු සඳහන් කළා.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මරණයට හේතුව පිළිබඳ කරුණු අනාවරණය වනු ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *