පැය 48ක් තුළ හෝර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් ඉරානයේ සියලු බලාගාර විනාශ කරන බවට ට්‍රම්ප් අනතුරු අඟවයි
news timer මාර් 22 පෙ.ව. 7:57
facebook image whatsapp image twitter image
266
හෝර්මුස් සමුද්‍ර සන්ධිය පැය 48ක් තුළ විවෘත නොකළහොත් ඉරානයේ සියලු බලාගාර විනාශ කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා.
විශාලතම බලාගාරයෙන් ප්‍රහාර ආරම්භ කරනු ඇති බවයි සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා අනතුරු අඟවා සිටින්නේ.
පසුගිය පෙබරවාරි 28 වන දින අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් අනතුරුව, ලොව කාර්යබහුලම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වසා දැමීමට ඉරානය පියවර ගෙන තිබුණා.
ලොව පුරා පරිභෝජනය කරන බොරතෙල් සහ ද්‍රව ස්වාභාවික වායුවලින් (LNG) 20%ක් පමණ සාමාන්‍යයෙන් ප්‍රවාහනය කෙරෙන්නේ මෙම සමුද්‍ර සන්ධිය හරහා වන අතර, මසකට නෞකා 3,000ක් පමණ මෙම මාර්ගය භාවිත කළ ද ඉරානය විසින් නෞකාවලට ප්‍රහාර එල්ල කරන බවට කරන තර්ජන හමුවේ එම සංඛ්‍යාව මෑතකදී සීඝ්රයෙන් පහත වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
