රෝගී තත්ත්වයක් හේතුවෙන් වසා දැමුණු දෙනියායේ පාසල් 4ක් තවදුරටත් වැසේ

News Express
1 Min Read

පාසල් දරුවන් අතර සීඝ්‍රයෙන් පැතිර යන උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් වසා දැමුණු දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක් තවදුරටත් වසා තැබීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය මත රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බව දෙනියාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිශාකා හෙට්ටිගොඩ මහත්මිය ප්‍රකාශ කළාය.

ඒ අනුව දෙනියාය මධ්‍ය විද්‍යාලය, දෙනියාය රාජපක්ෂ මහා විද්‍යාලය, දෙනියාය ශාන්ත මැතිව් ද්විභාෂා විද්‍යාලය සහ පල්ලෙගම සිද්ධාර්ථ විද්‍යාලය මෙලෙස හෙට (11) සහ අනිද්දා (12) දිනයේ ද වසා තැබීමට පියවර ගෙන තිබේ.

පාසල් දරුවන් අතර සීඝ්‍රයෙන් පැතිර යන මෙම උණ රෝගී තත්ත්වය හේතුවෙන් පසුගිය 07 වනදා සහ 8 වන දිනයන්හි දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක් තාවකාලිකව වසා දැමුණි.

කෙසේවෙතත් අදාළ පාසල්වල සිසුන් අතර රෝග ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින් සෞඛ්‍ය අංශ වල උපදෙස් මත තවදුරටත් මෙම පාසල් වසා දැමීමට පියවර ගෙන ඇති බව දකුණු පලාත් අධ්‍යාපන ලේකම් එන්.කේ.අර්.පතිරණ මහතා පැවසීය.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *