දෙහැවිරිදි දියණිය විකුණා ඡංගම දුරකතනයක් මිලට අරන්

News Express
1 Min Read
දෙහැවිරිදි දියණිය විකුණා ඡංගම දුරකතනයක් මිලට අරන්
වයස අවුරුදු 02 ක දැරියක රුපියල් 40000/= මුදලකට විකුණා එකී මුදලින් රුපියල් 15000/= ක ජංගම දුරකථනයක් මිලදී ගත් පුද්ගලයකු සහ දැරියගේ මව මෙන්ම දැරිය මිලදී ගත් කාන්තාවද ධර්මපුරම් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි .
දැරියද පොලිසිය මගින් සොයාගෙන ඇත. ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන ඇත
මෙම අපරාධය සඳහා අත්අඩංගුවට ගෙන ඇත්තේ දැරියගේ මව, සහ අනියම් පුරුෂයා මෙන්ම දැරිය මිලදී ගත් බව කියන කාන්තාවකි
දැරියගේ මව වයස අවුරුදු දෙකක සිය දියණියව ඇය දැනට දිවි ගෙවන අනියම් ස්වාමිපුරුෂයා හා සම්බන්ධවි කොළඹ ප්රදේශයේ කාන්තාවකට මුදලට විකුණා ඇති බවට ධර්ම පුරම් ග්රාම නිලධාරීවරයා විසින් පොලිස් ස්ථානයට සිදුකළ පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකර සියලු සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
එසේ නම් ජංගම දුරකථනයක් මිලදී ගත්තේ ඇත්දැයි විමසීමේදී එයට නිරුත්තර වූ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි
Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *