පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

News Express
1 Min Read

පාර්ලිමේන්තුව අද (07) පෙරවරු 9.30 ට කථානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබෙනවා.

පෙරවරු 9.30 සිට 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22 හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇති අතර, පෙරවරු 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පෙරවරු 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ විමසන ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා.

අනතුරුව පෙරවරු 11.30 සිට පස්වරු 12.30 දක්වා ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත යටතේ නියෝග (අංක 2471/68 දරන ගැසට් පත්‍රය), මෝටර් වාහන පනත යටතේ නියෝග (අංක 2470/14 දරන ගැසට් පත්‍රය) සහ ආගාමික හා විගාමික පනත යටතේ නියෝග (2026.05.05 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ) විවාදයට ගැනීමට නියමිතයි.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *