ජනාධිපතිවරයා සහ අධිකරණ අමාත්‍යවරයා අධිකරණ තීන්දු සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශ, අධිකරණයේ ස්වාධීනත්වයට සිදු කරන ලද කැළලක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.
නඩු ඉක්මනින් අවසන් කර තීන්දු ලබා දෙන ලෙස විනිසුරුවරුන්ට බලපෑමක් එල්ල වන බව මෙයින් පෙන්නුම් කරන බවයි ඊයේ (06) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
ජනාධිපතිවරයා අධිකරණ ක්‍රියාවලියට අත පෙවීම බලය අවභාවිතා කිරීමක් බවත්, විපක්ෂයේ සිටිමින් ‘කයිය ගසමින්’ සිටියාක් මෙන් නොව, ජනාධිපතිකම් කිරීමට නොහැකි බව වත්මන් රජය මේ වන විට ඔප්පු කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වැඩිදුරටත් ප්‍රකාශ කළා.
