‘මල් පාරේ නැට්ටුවා තරම් ඩබල් පොකට් නැට්ටුවාට නටන්න බෑ’- විමල් වීරවංශ –

News Express
1 Min Read

අයි.එම්.එෆ්. පදයට මල් පාරේ ‘ටයිකෝට් නැට්ටුවට’ තරම් ‘තඹුත්තේගම ඩබල් පොකට් නැට්ටුවාට’ නැටිය නොහැකි බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.

ඔහු මේ බව පැවසුවේ, ඊයේ (මැයි 12) මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ය.

“මූල්‍ය අරමුදල කියන පදයට නටන්න තඹුත්තේගම “ඩබල් පොකට්” නැට්ටුවා ඕන නෑ, මූල්‍ය අරමුදල කියන පදයට නටන්න මල් පාරේ රනිල් ඊට වඩා හොඳට දන්නවා. මූල්‍ය අරමුදල කියන පදයට නටන්න මල් පාරේ ‘ටයිකෝට්’ නැට්ටුවාට තරම් තඹුත්තේගම “ඩබල් පොකට්” නැට්ටුවාට පුළුවන් කමක් නැහැ. ඒ නිසා ‘ඩබල් පොකට්’ නැට්ටුවාට මේ රට බාර දුන්නේ මූල්‍ය අරමුදල කියන පදයට නටන්න නෙවෙයි, මල් පාරේ ‘ටයිකෝට්’ නැට්ටුවා නටපු නැටිල්ල නටන්න නෙවෙයි, ඒකවත් නටාගන්න බැරි විදිහට අඩිය තියන්න නෙවෙයි.”

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *