පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇති වී තිබෙන ජල ගැලීම් නිසා කටුනායක – මිනුවන්ගොඩ මාර්ගය, නයිකන්ද ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරනවා.
හේතුවෙන් එම මාර්ගය භාවිත කරන මහජනතාවට සහ රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ.
ඒ අනුව, කොළඹ සිට අධිවේගී මාර්ගය ඔස්සේ කටුනායක හරහා කුරුණෑගල අධිවේගී මාර්ගය වෙත ගමන් කිරීමට අපේක්ෂා කරන රථවාහන සඳහා විකල්ප මාර්ගයක් ලෙස, ජා-ඇල සහ මිනුවන්ගොඩ හරහා ගමන් කළ හැකි බවත්,
කුරුණෑගල අධිවේගී මාර්ගයේ සිට කටුනායක හරහා කොළඹ දක්වා ගමන් කිරීමට පැමිණෙන රථවාහන ද මිනුවන්ගොඩ සහ ජා-ඇල හරහා ධාවනය කළ හැකි බවත් එම නිවේදනයේ සඳහන්.
මීට අමතරව, ගම්පහ ප්‍රදේශයේ සිට පැමිණෙන රථවාහන සඳහා ද විකල්ප මාර්ග ලෙස, ගම්පහ සිට පැමිණෙන වාහන මිනුවන්ගොඩ සහ සීදූව හරහා මිනුවන්ගොඩ – ජා-ඇල මාර්ගය ඔස්සේ ගමන් කළ හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරනවා.
