ධවල මන්දිරය අසළ වෙඩි තැබීමක්

News Express
1 Min Read

අමෙරිකාවේ ධවල මන්දිරය අසළ වෙඩි තැබීමක් සිදු කළ සැකකරුවෙකුට එරට ආරක්ෂක අංශ විසින් වෙඩි තබා ඝාතනය කර තිබේ.

විදෙස් මධ්‍ය වාර්තා සඳහන් කළේ, සෙනසුරාදා (23) පස්වරුවේ මෙම සිදුවීම සිදුව ඇති බවය.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව සඳහන්ය.

ධවල මන්දිරයේ ප්‍රධාන ආරක්ෂක කලාපයට ආසන්න වීදියක සිදුවූ මෙම වෙඩි තැබීමෙන් අනතුරුව වහාම ක්‍රියාත්මක වූ රහස් ඔත්තු සේවා සහ පොලිස් කණ්ඩායම් එම ප්‍රදේශය වටලා තිබේ.

සිද්ධියත් සමඟ ධවල මන්දිරය අවට මාර්ග තාවකාලිකව වසා දැමීමට කටයුතු කෙරුණු අතර, පරිශ්‍රයේ ආරක්ෂාව උපරිම මට්ටමකින් තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.

මෙම වෙඩි හුවමාරුවේදී අසල සිටි තවත් සිවිල් වැසියෙකුට වෙඩි වැදී තුවාල ලබා ඇති බවට ද තොරතුරු වාර්තා වෙයි.

ආරක්ෂක අංශවල කිසිදු නිලධාරියෙකුට හානියක් සිදුව නොමැත.

සිද්ධිය වන අවස්ථාවේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වේ.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *