2012 වසරේ ග්රීසිය ආර්ථික වශයෙන් බිඳ වැටෙමින් පවතින බව දැන දැනම, එරට බැඳුම්කරවල ශ්රී ලංකා රජයට අයත් රුපියල් බිලියන 1.84කට අධික මුදලක් ආයෝජනය කිරීමෙන් රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින්, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ යළිත් අධිචෝදනා ගොනු කර තිබෙනවා.
මෙම චෝදනාව සම්බන්ධයෙන් මීට පෙර ද අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබුණා.
ඉන් අනතුරුව අල්ලස් කොමිසම කළ ඉල්ලීමකට අනුව, රජයට පාඩු කළ එම මුදල යළි ශ්රී ලංකා මහ බැංකුවට ගෙවිය යුතු බවට කොන්දේසියක් පනවමින් අධිකරණය විසින් ඔහු මුදා හරිනු ලැබුවා.
එහෙත්, එම අදාළ මුදල මෙතෙක් ආපසු නොගෙවීම හේතුවෙන් අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව අල්ලස් කොමිසම යළිත් මෙලෙස නඩු පවරා තිබෙනවා.
