ආණ්ඩුවක් හෝ රටක් පාලනය කිරීම වේදිකාවල කෑගසන තරම් පහසු නොවන බව වත්මන් ආණ්ඩුවට මේ වන විට අවබෝධ වී ඇති බව සර්ව ජන බලවේගයේ උප සභාපති, ආචාර්ය චන්න ජයසුමන පවසනවා.
අවුරුදු 25 ක් යන තෙක් ආණ්ඩුව අත් නොහරින බව ඔවුන් මුලින් ප්‍රකාශ කළ ද, දැන් බිමල් රත්නායක අමාත්‍යවරයා ආණ්ඩුව භාර දෙන්නේ කාටදැයි විමසමින් සිටින බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
සිය පක්ෂය මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නොවන වෙනත් විකල්ප වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බව ද ඔහු සඳහන් කළා.
එබැවින්, තමන්ට රට භාර දුනහොත්, වසරක් තුළ ඩොලරය රුපියල් 250 සීමාවට ගෙන එන බවයි ආචාර්ය චන්න ජයසුමන වැඩිදුරටත් කියා සිටියේ.
