කැලණි ගඟ ආශ්‍රිතව ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක්

News Express
1 Min Read

කැලණි ගඟ ද්‍රෝණිය ආශ්‍රිතව මේ වනවිට ලැබෙමින් පවතින අධික වර්ෂාපතනය හමුවේ ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ එම කාලය තුළ රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, දෙහිඕවිට, ඇහැළියගොඩ, යටියන්තොට, බුලත්කොහුපිටිය ප්‍රදේශ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවය.

කැලණි ගඟ ද්‍රෝණිය ආශ්‍රිතව ඉහළ ධාරා ප්‍රදේශවලට මේ වන විට මිලිමීටර් 300කට ආසන්න සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා වී ඇති බවත් ඒ අනුව එම වර්ෂා තත්ත්වය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් කැලණි ගඟ දෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංගා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය කිරීමේදි ඉදිරි පැය 24 තුළ මෙම සුළු ගංවතුර තත්ත්වය ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ.

මේ හේතුවෙන් එම ප්‍රදේශ ආශ්‍රිතව පදිංචි මහජනතාව මෙන්ම එම මාර්ග භාවිත කරන රියදුරන් මෙන්ම මගීන්ද මේ සම්බන්ධව අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *