ව්‍යාපාරිකයෙකුට ටෙන්ඩරයක් ලබා දීම සඳහා රුපියල් මිලියන තුනක (ලක්ෂ 30ක) අල්ලස් මුදලක් ලබා ගැනීමේ චෝදනාව මත ජාතික ජන බලවේගයට බලය හිමි කුරුණෑගල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී අදාළ ව්‍යාපාරිකයාගෙන් මෙම මුදල ඉල්ලා පසුව එය ලබා ගන්නා අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සැකකාර නියෝජ්‍ය නගරාධිපතිවරයාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇත්තේ බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයකදීයි.
