රුසියන් – යුක්‍රේන අර්බුදය අවසන් වන ලකුණු

News Express
1 Min Read

රුසියාව සහ යුක්‍රේන්ය අතර පවතින යුද ගැටුම් අවසන් වෙමින් පවතින බවට තමන් සිතන බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ, දෙවන ලෝක යුද්ධයේ සෝවියට් ජයග්‍රහණය සනිටුහන් කරමින් මොස්කව්හි පැවති කුඩා හමුදා පෙළපාළියකින් අනතුරු ව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

කෙසේවෙතත් යුක්‍රේනය රජයට ලැබුණු බටහිර සහයෝගය පුටින් හෙළා දැක ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් රුසියාව සහ යුක්‍රේනය අතර දින තුනක සටන් විරාමයක් ද ඇති කරගෙන තිබේ.

දෙරට අතර ඇති කරගෙන ඇති සටන් විරාම ගිවිසුමේ කොටසක් ලෙස සිරකරුවන් 1,000 බැගින් හුවමාරු කරගැනීමට එකඟවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේවෙතත් රුසියානු ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ, මේ සම්බන්ධයෙන් යුක්‍රේනය විසින් තමන් දැනුවත් කර නොමැති බවය.

එමෙන්ම දෙරට අතර දිගුකාලීන සාම ගිවිසුමකට එකඟවීමෙන් අනතුරුව යුක්‍රේන ජනාධිපතිවරයා හමුවන බව ද ව්ලැද්මීර් පුටින් ප්‍රකාශ කර ඇත.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *