ව්‍යාජ ඩොලර් සමඟ විදේශිකයින් දෙන්නා මාට්ටු

News Express
1 Min Read
රුපියල් පහළොස් ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු ව්යාජ ඇමරිකන් ඩොලර් 5200ක් සමග විදේශිකයින් දෙදෙනකු උණවටුන සංචාරක පොලිස් කාර්යංශයේ නිලධාරින් විසින් ගාල්ල නගරයේදි අද දහවල් අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ 26. හැවිරිදි සහ 27 හැවිරිදි ටජකිස්ථාන ජාතිකයින් දෙදෙනෙකි.
මෙම සැකකරුවන් දෙදෙනා වාහන කුලියට දෙන ස්ථානයකින් ව්යාජ ඩොලර් ලබාදි යතුරු පැදි දෙකක් ගැනිමට ගිය අවස්ථාවේ එහි හිමිකරුවන් මෙම ව්යාජ ඩොලර් තිබෙන සංචාරකයින් පිළිබඳ උණවටුන සංචාරක පොලිසියට දැනුම්දි ඇත. ඒ සමගම ක්රියාත්මකවු පොලිස් නිලධාරින් ගාල්ල ඩික්සන් පාරේ නවාතැන් පොලක සිටියදි සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගෙන ඇත.
ඔවුන් පරික්ෂා කිරිමේදි ව්යාජ ඩොලර් වලට අමතරව ලංකා මුදල් රුපියල් එක් ලක්ෂ පනස් දහසක් තවත් විදේහිය මුදල් නොට්ටු කිහිපයක්, ජංගම දුරකතන පහක් ද සොයාගෙන ඇත.
Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *