සැකකටයුතු මරණ‍යක්

News Express
1 Min Read
පාදුක්ක, අංගම්පිටිය ප්රදේශයේදී රිය අනතුරට ලක්වූ බවට සැක කෙරෙන පුද්ගලයෙකු මාර්ගයක කාණුවක් තුළ වැටී සිටියදී පාදුක්ක රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 62ක් වූ අංගම්පිටිය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම මරණය රිය අනතුරක් හේතුවෙන් සිදුවූ බවට සාක්ෂි හෝ තොරතුරු අනාවරණය වී නොමැති බැවින් සැකකටයුතු මරණයක් සේ සලකා ඉදිරි විමර්ශන සිදු කරන බව පොලීසිය පැවසීය.
මෘත ශරීරය මහේස්ත්රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
පාදුක්ක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *