හිටපු මන්ත්‍රී අමරකීර්ති ඝාතන නඩුවේ වැරදිකරුවෙකු බන්ධනාගාර ගොඩනැගිල්ලකින් ඇද වැටී ජීවිතක්ෂයට

News Express
1 Min Read

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු ඊයේ (11) පස්වරුවේ ගොඩනැගිල්ලකින් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියමවූ සිරකරුවෙක් වන අතර, ඔහු අවුරුදු 29ක් වූ පස්යාල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.

මෙහිදී ගොඩනැගිල්ලෙන් ඇද වැටීමෙන් පසු බරපතළ තත්ත්වයෙන් පසුවූ අදාල රැඳවියා ප්‍රථිකාර සඳහා කඩිනමින් ජාතික රෝහලට ඇතුළත් කිරීමට බන්ධනාගාර නිළධාරීන් පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, ප්‍රථිකාර සඳහා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු ජීවිතක්ෂයට පත්වූ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *