මැදිගිරිය බිසෝබණ්ඩාරපුර ප්රදේශයේදී ඊයේ (15) සිදුවූ රිය අනතුරකින් මින්නේරිය පොලිසියේ පොලිස් සැරයන්වරයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන කොන්ක්රීට් කණුවක ගැටිමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මියගොස් ඇත්තේ මින්නේරිය පොලිසියේ සේවයකරන මැදිගිරිය බිසෝබණ්ඩාරපුර ගම්මානයේ පදිංචි පොලිස් සැරයන් 47746 කරුණාරත්න නමැත්තෙක්.
අනතුර නිසා බරපතල තුවල ලැබූ ඔහු මැදිගිරිය රෝහලට ඇතුළත් කළ පසුව මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
