ඉදිරියේදී පැවැත්වීමට නියමිත රජයේ විභාගවලට යම් ආකාරයක බලපෑමක් එල්ලවිය හැකි බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පවසනවා.
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා මේ බව සඳහන් කළේ අද පස්වරුවේ පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ මෙරට උද්ගතව ඇති බලශක්ති ගැටලුව හේතුවෙන් එම විශේෂ සාකච්ඡාව පැවැත්වුණා.
