රථ ගාල් ගාස්තු අය කරන බවට කොළඹ මහනගර සභාවෙන් නව නිවේදනයක්

News Express
1 Min Read

කොළඹ නගරයේ රථවාහන නැවතුම් ගාස්තු අය කිරීම අද (මාර්තු 23) සිට යළි ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව, අද පෙරවරු 6.00 සිට නැවත සුපුරුදු පරිදි රථවාහන ගාල් කලමනාකරණය සහ ගාස්තු අය කිරීමට මුදල් පිළිබඳ ස්ථාවර කාරක සභාවේදී තීරණය කර ඇති බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඉන්ධන පිරවුම්හල් අසල සහ ඒ අවට වාහන පෝලීම් ඇති වීම හේතුවෙන් නැවතුම් ස්ථානවලට සිදු වූ බලපෑම් නිසාත්, ඉන්ධන ලබා ගැනීමට පැමිණි ජනතාවට සහනයක් ලෙසත් පසුගිය 18 දින සිට රථවාහන නැවතුම් ගාස්තු අය කිරීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවන ලදී.

කෙසේ වෙතත්, රජයේ ක්‍රියාත්මක වන QR කේත ක්‍රමය සහ ඔත්තේ, ඉරට්ටේ ලෙස වාහන අංකය අනුව ඉන්ධන නිකුත් කිරීම සිදුවන බැවින් ඉන්ධන පිරවුම්හල් අසල වාහන පෝලිම් අඩු වී ඇති බව නිරීක්ෂණය වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව කොළඹ මහ නගර සභාව සඳහන් කරයි.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *