ඉන්ධන මිල ඉහළ යාම කළුකඩ සූදුවක් – විමල් වීරවංශ කියයි

News Express
1 Min Read

අසාමාන්‍ය ලෙස ඉන්ධන මිල ඉහළ දැමීම හුදෙක් ලෝක වෙළඳපොළේ මිල ඉහළ යාමක් නොව, වැඩබැරි ආණ්ඩුව ජනතාව පීඩාවට පත් කරමින් සිදුකරන ‘කළුකඩ සූදුවක්’ බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.

බත්තරමුල්ල, රොබට් ගුණවර්ධන මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී ඊයේ (මාර්තු 22) පෙරවරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

රජය විසින් පරණ තෙල් තොග රඳවාගෙන සිට නව මිල ගණන් යටතේ අලෙවි කරමින් අධික ලාභයක් ලබන බව හෙතෙම චෝදනා කළේ ය.

අසීමිත ලෙස බදු පනවමින් ජනතාව රවටමින් රජය ඉන්ධන මිල වැඩි කරන විට පොදු ප්‍රවාහන සේවයට අවශ්‍ය පහසුකම් නොදුන්නහොත් රටේ ආර්ථිකය බිඳවැටෙන්නට එයම ලොකු හේතුවක් වන බව මෙහිදී විමල් වීරවංශ පෙන්වා දුන්නේ ය.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *