පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මහජන සේවාවන් අද (මාර්තු 24) තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
එම දෙපාර්තමේන්තුවේ වැඩ බලන කොමසාරිස් ජනරාල් නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳව සඳහන් කළේ ය.
ඒ අනුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලු ම පළාත් කාර්යාලවල එක්දින සේවාව ඇතුළු සියලු මහජන සේවාවන් අද දිනයේ ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇත.
