වැඩිහිටි දීමනාව හෙට බැංකු වෙත

News Express
1 Min Read

අස්වැසුම් සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ මාර්තු මාසයට අදාළ රුපියල් බිලියන 3. 4කට ආසන්න වැඩිහිටි දීමනා හෙට බැංකු වෙත යොමුකරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කළා.

ඒ අනුව, පළමු අදියරේ අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් 622,462 දෙනෙකුට සහ දෙවන අදියරේ වැඩිහිටියන් 71, 339 දෙනෙකුට මෙලෙස මුදල් බැරකෙරෙනු ඇති.

අදාළ ප්‍රතිලාභීන්ට සිය ප්‍රතිලාභී දීමනාව හෙට සිට අස්වැසුම ප්‍රතිලාභී ගිණුම් මගින් ලබාගත හැකි බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *