මාලිමා මන්ත්රී ධාවනය කළ මෝටර් රථය අනතුරකට ලක්වෙයි….
ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මුහම්මද් ෆයිසාල් මහතා පැදවූ මෝටර් රථය හලාවත බණ්ඩාරවත්ත ප්රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට ලක්ව ඇත.
බණ්ඩාරවත්ත වංගුවේදී මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
ඊයේ රාත්රී 11.30 ට පමණ අනතුර සිදුවන අවස්ථාවේ රථය තුළ මන්ත්රීවරයා පමණක් සිට ඇති අතර අනතුරෙන් තාප්පයට මෙන්ම මෝටර් රථයට බරපතළ හානි සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.
අනතුර හා එය සිදුවීමට බලපෑ හේතු සාධක සම්බන්ධයෙන් හලාවත පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
