මෙම වසරේ දෙවන කාර්තුව සදහා ඉහළ දමන ලද නව විදුලි ගාස්තුව අද (30) ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව, ඒකක 0 – 30 දක්වා කාණ්ඩය පරිභෝජනය කරනු ලබන පාරිභෝගිකයින්ගේ විදුලි බිල 4. 3% කින් ඉහළ දමන බවයි කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය කේ. පී. එල් චන්ද්‍රලාල් කියා සිටියේ.
ඒකක 31 – 60 දක්වා පරිභෝජනය කරන පාරිභෝගිකයින්ගේ විදුලි බිල වැඩිකර ඇත්තේ 6. 9% කින්.
ඒකක 61 -90 දක්වා පරිභෝජනය කරන පාරිභෝගිකයින්ගේ විදුලි බිල 6.9% කින් ඉහළ දමා තිබෙනවා.
ලංකා විදුලිබල මණ්ඩලයේ යෝජනාවට අනුව වැඩිම පිරිසක් පරිභෝජනය කරනු ලබන ඒකක 91 – 180 දක්වා කාණ්ඩයේ විදුලි බිල සියයට 7. 2% කින් ඉහළ දමා ඇති අතර ඒකක 180 ට වැඩියෙන් පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි බිල වැඩිකර ඇත්තේ 25% කින්.
එමෙන්ම කර්මාන්ත සඳහා 8.7%, ඒකක 180ට වැඩි ආගමික සහ පුණ්‍ය ආයතන සඳහා 9.6%, රාජ්‍ය ආයතන 14.4% සහ හෝටල් සඳහා 9.9% කින් විදුලි ගාස්තු ඉහළ දමා තිබෙනවා.
ඒකක 180ට අඩු ආගමික සහ පුණ්‍ය ආයතන සඳහා ගාස්තු සංශෝධනයක් නොවේ.
