අසාධාරණ ලෙස සිදු කර ඇති වෛද්‍ය මාරුවීම්වලට එරෙහිව හෙට (31) උදෑසන 8:00 සිට ක්‍රියාත්මක වන පරිදි පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසනවා.
වෛද්‍ය මාරුවීම් සම්බන්ධයෙන් පවතින ගැටලුවලට නිසි විසඳුම් ලබා දීමට බලධාරීන් අපොහොසත් වීම හේතුවෙන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගැනීමට තීරණය කළ බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.
