අධ්‍යාපන අමාත්‍යාංශය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 වසරේදී ළමු වසරට පමණක් ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කළ ද පාසැල් වල දෙවන පාසල් වාරය 20 දින ආරම්භ කළ අතර මේ දක්වා ප්‍රතිසංස්කරණ වලට අදාල මොඩියුල ගුරුහත්පොත් ගුරු පුහුණුව ලබා දී නැත ගුරුවරුන් පළමු වසර දරුවන් විශාල පීඩාවකට පත්ව ඇත
කිසිදු සූදානමක් නැතිව යි පළමු වසර ප්රතිසංස්කරන ආරම්භ කර ඇති අතර දෙවැනි වාරයේ සඳහාද සූදානමක් නැති වීම තුළ විශාල අර්බුදයක් පැන නැගී ඇත.
මේ වන විට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල් තනතුරට මහාචාර්ය O G දයාරත්න බණ්ඩාර මහතා පත්කර ඇති අතර න් හිටපු අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය මංජුලා විධානපතිරණ මහත්මිය අදයාපන ප්‍රතිසංස්කරණ අර්බුදය හමුවේ තාවකාලිකව ඉල්ලා අස්වූවාය
තවමත් ඒ පිළිබඳ පරීක්ෂණයක් නැත ඇය ඉල්ලා අස්වීමෙන් පසු තත්ත්වය සමනය වීම මත නව අධ්යක්ෂ ජනරාල් පත්කිරීමෙන් ප්රශ්නය යටය ගොස් ඇත
ඇය සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය මොකක්ද පරීක්ෂණ කමිටුවක් පත්කර සිද්ධිය පිළිබඳ සොයා බැලුවද ගත්ත ක්‍රියාමාර්ගයක් නැත
නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් දර්ශන සමරවීර අනිවාර්ය නිවාඩු ගෙන වැටුප් සමග ගෙදර සිට යේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරිය විසින්ම තාවකාලික ඉවත් වී ගෙදර සිටි විශාල මුදලක් වියදම් කර සිදු කරනවයි කියපු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද?
මේ මුදල් වලට වග කියන්නේ කවුද?
අධ්‍යාපන අමාත්‍යවරිය පසුගියදා පාසල් ළමයින්ට සුරක්ෂිත තැනක් බවට පත් කර යුතු බව ප්‍රකාශ කළාය
පාසල් සුරක්ෂිත වන්නේ පසුගිය දිනවල පාසල් තුල සිදු වූ අපචාර ක්‍රියා සම්බන්ධයෙන් වන පරීක්ෂණ කඩිනම් කිරීමෙන් පමණි
සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ යට අදාල තීරණ ක්‍රියාත්මක කර නැත ඒවා ක්‍රියාත්මක නොවීමෙන් සිදුවන්නේ පාසල් පද්ධතිය අනාරක්ෂිතභාවය තව ශක්තිමත් වීමයි ඒ නිසාම කළ යුත්තේ සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණ කර පියවර ගැනීමයි ඒ තුළින් පමණි පාසල් සුරක්ෂ පරිසරයක් බවට පත් කර ඇත්තේ
