විදේශගත ලාංකිකයන්ට ද ඡන්ද අයිතිය ලැබේ, නිර්දේශ ඇතුළත් කමිටු වාර්තාව විෂය භාර අමාත්‍යවරයා වෙත .

News Express
1 Min Read

විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට මෙරට මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය නීතිමය සහ ප්‍රායෝගික ක්‍රමවේද සකස් කිරීම වෙනුවෙන් පත් කළ විශේෂ කමිටුවේ නිර්දේශ ඇතුළත් වාර්තාව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙත නිල වශයෙන් භාර දී තිබෙනවා.

විවිධ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන 16 ක අදහස් ඇතුළත් එම වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු, පුළුල් ලෙස සාකච්ඡා කර ඉදිරි පියවර ගැනීමට රජය සූදානම් බවයි අමාත්‍ය චන්දන අබේරත්න සඳහන් කළේ.

මෙම වාර්තාව සකස් කිරීමේදී විදේශගත ශ්‍රමිකයන්, සිසුන්, ද්විත්ව පුරවැසියන් සහ වෙනත් අවශ්‍යතා සඳහා විදේශගත වූවන් ලෙස පුද්ගලයන් කාණ්ඩ හතරක් හඳුනාගෙන ඇති බව කමිටු සභාපති අතිරේක මැතිවරණ කොමසාරිස් නීතිඥ එල්.ඒ.පී.කේ. කුලරත්න ප්‍රකාශ කළා.

එම ක්‍රියාවලිය ප්‍රධාන අංශ හතරක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති බවයි වාර්තා වන අතර, විදේශගත ඡන්දදායකයන් විධිමත් ලෙස ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය, විදේශයන් හි සිටින ඡන්දදායකයන් සඳහා ප්‍රචාරණ කටයුතු සිදු කිරීම සහ මැතිවරණ වියදම් නියාමන පනතේ බලපෑම, තානාපති කාර්යාල හරහා, තැපැල් මඟින් හෝ ආරක්ෂිත මාර්ගගත (Online) ක්‍රමවේද භාවිතයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ ඇති හැකියාව මෙන්ම ඡන්දය ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම එම ප්‍රධාන අංශ හතරයි.

අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව 2025 වසරේ දෙසැම්බර් මාසයේදී මෙම කමිටුව පත් කර තිබුණා.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *