මෙවර මැයි දිනයේදී නඩු පිළිබඳ කතා කිරීමට ආණ්ඩුව පූර්ව සූදානමකින් කටයුතු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසනවා.
නඩු ලැයිස්තු ප්‍රකාශ කිරීමකින් තොරව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්, විනිසුරුවරුන්ගේ කීර්තිනාමයට හානි වන ලෙස කටයුතු නොකරන ලෙසත් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවයි ඊයේ (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
ජනාධිපතිවරයාගේ ප්‍රකාශ හරහා අද වන විට විනිසුරුවරුන්ට ස්වාධීන තීන්දු ලබා දීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
වත්මන් ආණ්ඩුව ශ්‍රී ලංකාවේ ජනතාවට අසත්‍ය ප්‍රකාශ කළ ආකාරයෙන්ම, තමිල්නාඩුවේ තලපති විජේ ද බලයට පැමිණ ඇත්තේ අසත්‍ය ප්‍රකාශ කරමින් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක වැඩිදුරටත් පවසන්නේ.
– චාමර සම්පත් දසනායක –
