රට මේ ආකාරයෙන් ඉදිරියට යන විට දුර්භික්ෂයක් ඇති වනු ඇති බවට ආසියානු සංවර්ධන බැංකුව විසින් අනතුරු අඟවා ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ පවසනවා.
වත්මන් ආණ්ඩුවේ සිටින්නේ හොරුන් නොවන බවට ඔවුන් ප්‍රකාශ කළ ද, රැකියා නොකරන අමාත්‍යවරුන්ගේ ගිණුම්වල කෝටි ගණනින් මුදල් ඇති බවයි ඊයේ (06) මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
තමිල්නාඩුවට ‘තලපති විජේ’ සිටින්නා සේ ශ්‍රී ලංකාවේ සිටින්නේ ‘තලගුලි පචේ’ යැයි ජනතාව පවසන බව සුජීව සේනසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
