ජල බිල සමාලෝචනය කිරීම එළඹෙන ජූනි මස 30 වැනිදා සිදුකරන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ පවසනවා.
ඒ අනුව පවතින තත්ත්වය මත ජල බිල සංශෝධනය කිරීමටයි නියමිතව ඇත්තේ.
කොළඹ ඊයේ (11) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
