අතීතයේ විපක්ෂය යම් ප්‍රතිපත්තිමය තීන්දු මත පිහිටා දේශපාලනය කළ ද, වර්තමාන විපක්ෂයේ සිටින්නේ ඉතාමත් අදූරදර්ශී පිරිසක් බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ පවසනවා.
විපක්ෂය පවසන බොරු පසුදිනම හෙළි වන බවත්, එමඟින් ජනතාව ඉදිරියේ ඔවුන් නිරුවත් වන බවයි ඊයේ (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
රාජ්‍ය අංශයේ පවතින දූෂණ සහ වංචා පිළිබඳ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කිරීම රජයේ වගකීම වන අතර, අධිකරණ තීන්දු රජය සැමවිටම පිළිගන්නා බව ද ඔහු ප්‍රකාශ කළා.
යම් හෙයකින් විත්තිකරුවන් නිදහස් වුවහොත්, එය පිළිගැනීමටත්, ඔවුන් වරදකරුවන් වී සිරගත වුවහොත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමටත් රජය කටයුතු කරන බවයි නලීන් හේවගේ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
