ආලවක යක්ෂයා බුදුරජාණන් වහන්සේට ‘එව මහණ’ යැයි පැවසූ පසු බුදුහිමියන් ආලවක විමනට වැඩියා සේ, මාලිමා යක්ෂයා ‘එව උදය’ යැයි කී පසු තමන් ද පොලිසියට පැමිණි බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.
තමන්ට මේ වන විට නීතිඥ වෘත්තියට අමතරව පොලිසියට ප්‍රකාශ ලබාදීම ද වෘත්තියක් ලෙස කිරීමට සිදු වී ඇති බවයි ඊයේ (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.
දැන් අල්ලස් කොමිසමට ප්‍රකාශ ලබාදීමට යන පිරිස්, අතීතයේ ශ්‍රී පාදය කරුණා කිරීමට ගිය පිරිස් මෙන් කටයුතු කරන බවත්, තමන්ගේ අඹුදරුවන් සහ දෙමව්පියන් වැඳ නමස්කාර කර, සියලු දේපළ අන්තිම කැමති පත්‍රයකින් ලියා තබා අල්ලස් කොමිසමට යාමට ඔවුන්ට සිදු වී ඇති බවත් ඔහු ප්‍රකාශ කළා.
එසේම අල්ලස් කොමිසමට ගිය පසු එහි සිටින නිලධාරීන් විසින් මිය යන ආකාරය පවසන බවත්, ඉන් අනතුරුව ඒ ආකාරටම මියයාම ද සිදු වන බවයි උදය ගම්මන්පිල වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
