ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන පුද්ගලයන්ගේ ජීවිත මරණ සහතිකයකින් අවසන් කරන තත්ත්වයකට රට පත්ව ඇති බව නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර පවසනවා.
වත්මන් ආණ්ඩුවට ජනතාවට ලබා දුන් කිසිදු පොරොන්දුවක් ඉටු කිරීමට නොහැකි වී ඇති බවයි ඊයේ (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ.
මේ හේතුවෙන් ආණ්ඩුව විවේචනය කරන පුද්ගලයන් නිහඬ කිරීමේ ක්‍රියාවලියකට රජය අවතීර්ණ වී ඇති බව ද ඔහු සඳහන් කළා.
ටිල්වින් සිල්වා, අමාත්‍ය ලාල්කාන්තගේ ‘පුටු පහරින්’ බේරුණ ද, ජනතාව විසින් වත්මන් ආණ්ඩුවට ‘පොලුවලින් පහර දෙන’ දවස වැඩි ඈතක නොවන බවයි සුගීෂ්වර බණ්ඩාර වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
