ට්‍රම්ප් එළියට දැමූ ආන්දෝලනාත්මක සිතියම

News Express
1 Min Read
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් වෙනිසියුලාව අමෙරිකානු ධජය සහිතව “51 වන ප්රාන්තය” ලෙස දැක්වෙන සිතියමක් පළ කර තිබේ
සිය ‘Truth Social’ ගිණුමේ මෙම සිතියම පළ කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි
චීනය බලා යන අතරතුර ජනාධිපතිවරයා පළ කළ මෙම මතභේදාත්මක ප්රකාශය පිළිබඳව මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.
මෙම ප්රකාශය සිදුවන්නේ, දිනකට පෙර වෙනිසුවේලාවේ අන්තර්වාර ජනාධිපතිනිය වන ඩෙල්සි රොඩ්රිගස් තම රට අමෙරිකාවේ 51 වැනි ප්රාන්තය බවට පත්වීම “කිසිදු අවස්ථාවක සලකා නොබැලූ” බව ප්රකාශ කිරීමෙන් අනතුරුවයි.
සඳුදා දිනයේදී Fox News සමඟ අදහස් දක්වමින් ට්රම්ප් පවසා සිටියේ, තෙල් සම්පත් වලින් පොහොසත් වෙනිසුවේලාව, අමෙරිකාවේ නව ප්රාන්තයක් බවට පත් කිරීම “සලකා බලමින් සිටින” බවය.
කෙසේ වෙතත්, ඩෙල්සි රොඩ්රිගස් එම අදහස ප්රතික්ෂේප කරමින්, වෙනිසුවේලා ජනතාවගේ ස්වාධීනත්වය සහ ස්වෛරීභාවය කිසිසේත් අතහැර නොදමන බව අවධාරණය කර තිබුණි.
Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *