ආණ්ඩුවට විරුද්ධව නැගී සිටින්න කාලය ඇවිල්ලා, ප්‍රමාද වුණොත් රටක් ඉතුරු වෙන්නේ නැහැ -සාගර කාරියවසම්-

News Express
1 Min Read

වත්මන් ආණ්ඩුවට එරෙහිව නැගී සිටීමට කාලය එළඹ ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ, එලෙස නැගී සිටීම ප්‍රමාද වුවහොත් රටේ වත්මන් ජනතාවට මෙන්ම අනාගත පරපුරට ද රටක් ඉතිරි නොවන බවයි.

ඉතා නිර්ලජ්ජිත ආකාරයෙන් වර්තමානයේ රට තුළ වංචා සහ දූෂණ සිදුවෙමින් පවතින බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.

ආණ්ඩුවේ සිටින පුද්ගලයන් අතීතයේ සිටම සිදු කළේ අන් අයට අසත්‍ය චෝදනා එල්ල කිරීම පමණක් බවත්, එලෙස එල්ල කරන ලද චෝදනා ඔප්පු කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති බවත්, ඒවා හුදෙක් මහජනතාව තුළ සැකයක් උපදවන ආකාරයේ චෝදනා පමණක් බවත් ඔහු පෙන්වා දුන්නා.

නමුත්, ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට වත්මන් පාලකයන්ට එරෙහිව සාක්ෂි සහිතව ඔප්පු කළ හැකි බරපතළ චෝදනා නැගෙමින් පවතින බවයි ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *