ඔස්මන් ගුණසේකර හෙවත් ‘ගම්පහ ඔස්මන්’ නමැත්තා තවත් දින 90 ක කාලයක් රැඳවුම් නියෝග මත තබාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ලබාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ (15) අධිකරණයට දැනුම් දුන්නා.
කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ (15) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ කරුණු දක්වමින් මේ බව සඳහන් කළා.
ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමට භාවිත කරන ලද ගිනි අවිය සපයා ඇත්තේ ගම්පහ ඔස්මන් නමැත්තා විසින් බව මෙහිදී අනාවරණය කළ කොළඹ අපරාධ කොට්ඨාසය, ඒ අනුව අදාළ ඝාතන සිද්ධියේ 44 වන සැකකරු ලෙස ඔහුව නම් කරන බව ද අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියා.
