තුර්කියේ වෙඩි තැබීම් මාලාවක් – පුද්ගලයින් හය දෙනෙකු මරුට

News Express
1 Min Read

දකුණු තුර්කියේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් හය දෙනෙකු මියගොස් තවත් අට දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මර්සින් ප්‍රාන්තයේ ටාසස් ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට අදාළ වෙඩික්කරු විසින් වෙඩි තබා පළාගොස් ඇති බවද වාර්තා වේ.

සැකකරු සෙවීම සඳහා හෙලිකොප්ටර් යානා සහ ඩ්‍රෝන යානාවල සහය ඇතිව පොලිසිය විශේෂ මෙහෙයුමක් ද ආරම්භ කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම සැකකරු 37 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු ප්‍රථමයෙන්ම වීදියකදී තම බිරිඳට වෙඩි තබා ඝාතනය කර ඇති බවත් පසුව ඔහුගේ මෝටර් රථයේ සිට ආපනශාලාවකට වෙඩි තබා එහි හිමිකරු සහ සේවකයෙකු ඝාතනය කර ඇති බවත් ය.

පසුගිය කාල වකවානුව තුළ තුර්කියේ සිදුවූ වෙඩි තැබීම් හේතුවෙන් එරට ආරක්ෂාව පිළිබඳව ද ගැටලු මතුව තිබේ.

Kahramanmaras ප්‍රාන්තයේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් ද පුද්ගලයන් 10දෙනෙකු මියගිය අතර ඊට පෙර දින අසල ප්‍රාන්තයක සිදුවූ තවත් වෙඩි තැබීමකින් පුද්ගලයන් 16දෙනෙකු තුවාල ලැබීය.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *