අමෙරිකාවේ බුද්ධි අංශ ප්‍රධානී ඉල්ලා අස්වෙයි

News Express
1 Min Read

අමෙරිකාවේ බුද්ධි අංශ ප්‍රධානී තුල්සි ගබ්බාර්ඩ් එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ඇය දන්වා ඇත්තේ සිය සැමියාගේ රෝගී තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවය.

“ඒබ්‍රහම් වසර එකොළහක මගේ විවාහ ජීවිතයේ ශෛලමය ශක්තිය බවට පත්වුණා. මාගේ රැකියාවටත් වත්මන් තනතුරේ වගකීම් සඳහාත් ඔහු ලබාදුන් සහය අපමණයි.

දුර්ලභ ගණයේ පිලිකාවකින් පෙළෙන බව හැදුනාගැනීමෙන් පසු ඒබ්‍රහම් සමග මේ අභියෝගාත්මක අවස්ථාවේ මා සිටිය යුතු බැවින් ජූනි 30 සිට මගේ ඉල්ලා අස්වීම පිළිගන්න”

යනුවෙන් තුල්සි සිය ඉල්ලා අස්වීම මඟින් සඳහන් කර ඇත.

Share This Article
Leave a Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *