ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අද පහත වැටී තිබෙනවා.
ඒ, අමෙරිකාව සහ ඊශ්‍රායලය, ඉරානය සමඟ පවතින යුද්ධය අවසන් කළ හැකි එකඟතාවක් පිළිබඳ වූ බලාපොරොත්තු මධ්‍යයේයි.
පසුගිය දා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඉරානය සමග ගිවිසුමක් බොහෝ දුරට සාකච්ඡා කර ඇති අතර ඒ පිළිබඳ නුදුරේදීම ප්‍රකාශයට පත් කරන බවයි.
එහිදී ට්‍රම්ප් වැඩිදුරටත් පවසා තිබුණේ, මෙම ගිවිසුමට අදාලව ප්‍රධාන නාවික මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම ද ඇතුළත් වන බවයි.
ඒ අනුව අදාල ප්‍රකාශයත් සමග අද උදෑසන වනවිට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 5.04 කින් පහත වැටී බැරලයක් ඩොලර් 98 ශත50 ක් ලෙස සටහන් වුණා.
මේ අතර, ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල 5.37 කින් පහත වැටී ඩොලර් 91යි ශත 41 ක් ලෙස සටහන් වුණා.
